පියා බලු කූඩුවේ දමා සිටි දියණිය සිර කූඩුවේ

null

තම පියා මාස 6ක් බලු කූඩුවේ දැමී යැයි සැකපිට ඔහුගේ දියණියක බලගොල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් සිනිත් විජේසේකර මහතා අද (18) නියෝග කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුණ්ඩසාලේ කෙන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි චමරි හේවගේ නමැති කාන්තාවක්.

මුර සංචාරයේ යෙදී සිටි පොලිසිය මේ සිද්ධිය දැක සෝදිසි කිරීමේදී නිවසක බලු කූඩුවක අසාධ්‍ය තත්වයේ සිටි පියා මැණික්හින්න රෝහලට ඇතුලත් කර ඇත. මෙලෙස බලු කූඩුව තුළ රඳවා සිටියදී සොයා ගැනුනු පුද්ගලයා 73 වන වියේ පසුවන අයෙකු බවද වාර්තා වෙයි.

නිවස තුළ මුත‍්‍රා කර අපිරිසිදු කරන බව පවසමින් මෙම කාන්තාව සිය පියා බලු කූඩුව තුළ රඳවා ඇති බව පොලිසිය පවසයි.

නිවසේ සුරතලයට ඇතිකරන විදේශීය රටවල සුනඛයින් තිදෙනකු පැටවුන් සමඟ නිවසේ ඇඳන් මත වැතිරෙමින් නිදහසේ සිටියදී මෙම කාන්තාව ඇගේ 73 න් හැවිරිදි පියාව බලුකූඩුවේ සිරකර තබා තිබේ.

බලු කූඩුවේ සිරකර සිටි අදාළ කාන්තාවගේ පියා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක කලකට ඉහත සේවය කර තිබෙන අතර ඔහුට සිටින එකම දරුවා මෙම කාන්තාව බව ද වාර්තාවෙයි. කතාකර ගැනීමට පවා නොහැකිව බෙහෙවින් දුර්වලව සිටි පියා ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබේ.

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>