පියා සිය දරුවා සහ බිරිඳ මුහුදට තල්ලු කරලා

null

කොස්ගොඩ, මහපැලෑන මුහුදු තීරයේදී සිය පියා විසින් අවුරුදු 02 ක් වයසැති දරුවා සහ බිරිඳ මුහුදට තල්ලු කර දමා තිබේ.

ඊයේ (17) රාත්‍රියේ මෙලෙස මුහුදට තල්ලු කළ බව කියන 34 හැවිරිදි කාන්තාව දිවි ගලවා ගත් අතර, අවුරුද්දයි මාස 11 කුඩා දියණිය තවමත් අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.

පොලිසිය කියා සිටියේ අදාල පුද්ගලයා විසින් බිරිඳ සහ දරුවා පා පැදියකින් කීලෝමිටර් 10 ක පමණ දුරක් රැගෙනවිත් ඊයේ රත්‍රී 10 ට පමණ මුහුදේ ගල්පරයකට නැග දරුවා සහ බිරිද මුහුදට තල්ලුකර ඇති බව යි.

සැකකරු මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම ක්‍රියාවට හේතුව ඔහුගේ අනියම් සබඳතාවක් විය හැකි බවට කරුණු අනාවරණය වී තිබේ.

මේ වන විට අතුරුදන්වූ දරුවා සෙවිමේ කටයුතු සිදු කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>