පියා සිය පුතු ඝාතනය කරයි

null

බලංගොඩ, ගයිවත්ත ප්‍රදේශයේ දි මුගුරකින් පහරදී සිය පුත්‍රයා ඝාතනය කළ 54 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 27 වනදා මෙම ඝාතනය සිදුව ඇති අතර එම පියා පවුලේ උදවියට සහ අසල්වැසියන්ට පවසා ඇත්තේ පුතු කොළඹ රැකියාවකට ගිය බවය.

පසුව අදාළ පුද්ගලයාගේ බිරිඳ විසින් පසුගිය 18 වනදා බලංගොඩ පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසියකදි නිවසේ වැසිකිලි වළෙහි තිබි ඊයේ(19) පස්වරුවේ මළ සිරුර සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා අතර ඇතිවු බහින් බස්වීමක් දුරදිගයාමෙන් පියා විසින් මෙම ඝාතනය සිදුකර පුත්‍රයාගේ මළ සිරුර නිවසේ වැසිකිළිවළට දමා ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>