පියා 13 හැවිරිදි දැරිය දුෂණය කරලා

null

වයස අවුරුදු 13ක් වන සිය දියණියට බරපතළ ලෙස ලිංගික අපරාධයක් සිදු කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටිය, මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකුය.

සැකකරු බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක තම දියණියට මෙම අපරාධය සිදු කර ඇති අතර දැරිවියගේ මව තම දියණියව හලාවත මහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඇයව පරීක්ෂා කර ඇති අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුවී ඇති අපරාධය පිළිබදව තහවුරු කර ඇත.

ඒ අනුව හලාවත පොලීසිය විසින් කල්පිටිය පොලීසියට කරන ලද දැණුම් දීමක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>