පිරිමියෙකුටත් බරපතල ලිංගික අතවරයක් සිදුකරලා

null

වයස අවුරුදු 50ක පිරිමි අයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 35 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි අතවරයට ලක්ව ඇති පුද්ගලයා පොලිසියට සඳහන් කර ඇත්තේ පසුගිය 01 වැනිදා රාත්‍රීයේ තමන් රාත්‍රී සාදයකට සහභාගි වී පා පැදියෙන් නිවස බලා යමින් සිටින විට පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් අතර මග රැදී සිටින විට පැමිණි සැකකරු තමා සතුව ඖෂධයක් ඇති බව පවසා තමන්ට අතවර කළ බව ය.

ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව ප්‍රදේශයේදී මෙම අතවරය සිදුවී ඇති අතර අදාල පුද්ගලයා හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගත සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>