පිරිසිදු ජලය ඉල්ලු ජනතාවට පොලීසියෙන් ප්‍රහාරයක්

null

පිරිසිදු පානීය ජලය ඉල්ලා තිස්ස – හම්බන්තොට ප්‍රධාන මාර්ගය පල්ලෙමලල මංසන්ධියෙන් හරස් කරමින් විරෝධතාවයේ නිරතවූ බඳගිරියේ පිරිසකට පොලීසිය බැටන් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ.

එහිදී පොලීසිය වාහන ගමනා ගමනයට ඉඩදී මාර්ගයෙන් ඉවත් ව විරෝධතාවයේ නිරතවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් ඔවුන් එම ඉල්ලීම නොසලකා විරෝධතා දක්වා තිබේ.

එමෙන්ම විරෝධතාවය අතරතුර උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයින් කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.

එම සිද්ධිය පාලනය කිරීම සඳහා උත්සාහ කළ පොලිස් නිලධාරීන්ට ද විරෝධතාකරුවන් පහර දී ඇති අතර සිද්ධියෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

කැරලි මර්දන ඒකකය මැදිහත් වී ඔවුන් අවම බලය යොදා ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ‍විරෝධතාකරුවන් එලෙස පහරදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ නිරත වූ 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>