පිල්ලෙයාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

null

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරේයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

2005 වසරේ මඩකළපුව ශාන්ත මරියා දේවස්ථානය තුළ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත් වූ දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මොහු අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ඒ අනුව ඊයේ පස්වරු 05 ට පමණ පිල්ලෙයාන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර මූලික ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>