පිහි ඇනුමකින් කෙළවරවූ ආදරය

null

පසුගිය 7 වැනිදා රාත්‍රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන සිය පෙම්වතිය ඝාතනය කර එම ආයුධයෙන්ම ඔහුද ගෙල කපාගෙන තිබේ.

එම තරුණයා ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පෙම්වතිය එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පාතිමා රුක්ෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය යි. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම ඇයව ඝාතනය කර ඇත.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව මෙලෙස පවසා ඇත.

“අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑ. දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑ. ඒ වුණත් එයාට මම ආදරෙයි. එයාට අපේ ආගමට එන්න බැහැයිලු. එයාගෙ අම්මල ඒකට කැමැති නෑ. මට එයාගෙ ආගමට යන්නත් බැහැ. මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑ. අම්මේ මම දිනේෂ්ව අත්හරිනවා. ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවා. මට කරදර කරනවා මගේ ළඟට එනවා. අතින් අදිනවා.

එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවා. ඇයි අපි ආදරේ කළේ කියලා අහනවා. අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයි. පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්න. මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑ. එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේ. අයියට ගෙදර සේරම බර දරන්න බෑ. ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ.”

වත්තල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාවද සපයා තිබේ. මේ අපරාධය සිදුවූ ආකාරය එම ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවලද සටහන්ව තිබූ බව වත්තල පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>