පිළියන්දලින් අතුරුදන්වූ තරුණයා පුළුස්සා මරලා

null

පිළියන්දල ප්‍රදේශයේදී පසුගිය ජනවාරියේ අතුරුදන්වූ සූරියවැව ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කර පුලූස්සා ඇති බවට කරුණු හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.

කහපොළ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී පෞද්ගලික ආයතනයක සේවයට ගිය එම තරුණයා ඉකුත් ජනවාරි 28 වැනි දා සිට අතුරුදන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර තිබූණි.

ඒ අනුව එම තරුණයා ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී පිලිස්සූ බව කියන තරුණයයකු සහ ඊට අනුබල දුන් ඔහුගේ යහළුවකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා එම තරුණයා සේවයේ නිරතවූ ආයතනයේම පුද්ගලයන් දෙදෙනෙකු බවද අනාවරණය වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>