පිළියන්දල නිවසක පුද්ගල මළසිරුරක්

null

පිළියන්දල, ගංගාරාම පාර වෑවල ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළසිරුර සොයාගෙන තිබේ.

එම පුද්ගලයා මියගොස් තිබෙන්නේ දින 4කට පෙර පමණ බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

මියගොස් ඇත්තේ 55 හැවිරිදි ජේඩිගේ නිමල් නමැත්තෙක් වන අතර ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වුවෙකු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

ඔහුගේ බිරිඳ සහ දරුවන් ඔහුගෙන් වෙන්ව ගොස් ඇති අතර අදාල පුද්ගලයා එම නිවසේ තනිවම ජීවත්ව තිබේ.

ඔහු බොරලැස්ගමුව ප‍්‍රදේශයේ මල්ශාලාවක කම්කරුවෙකු ලෙස සේවය කර ඇති බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>