26 Dec 2015
පුංචි ඡන්දය මාස 6කින් කල්යයි
දැනට විසුරුවා හැර නොමැති සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් මාස 06 කින් දිර්ඝ කිරිමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා සදහන් කළේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සංශෝධන කටයුතු හේතුවෙන් එලෙස විසුවා හැර නොමැති පළාත් පාලන ආයතනවල කාලසීමාව දීර්ඝ කරන බවයි.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත දෙසැම්බර් මස 31 වන දිනෙන් ධුරකාලය අවසන්වීමට නියමිතව තිබූ කොළඹ මහා නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව, ඇතුලු පළාත් පාලන ආයතන 23 ක කාලය මාස 06කින් දීර්ඝ කිරිමට පියවර ගන්නා බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.