පුංචි ඡන්දෙට මහින්ද අලුත් පක්ෂයකින්

null

පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන ”අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ” නමින් අලුත් දේශපාලන පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන මෙම ”අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණට” ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද පිල, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්‌කාර මහතාගේ සමසමාජ බලවේගය ඇතුළු අනෙකුත් සංවිධාන ගණනාවක්‌ ඇතුළත් බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

දැනට රටපුරා විසිර සිටින, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අයත් පළාත්පාලන ආයතන ප්‍රධානීන්ගේ හා පළාත්පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම හා කැප කිරීම මත මෙම පෙරමුණ බිහිවන බව එම පුවත්පත් වාර්තාවෙහි සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>