10 Jun 2015
පුත්තලමේ 17 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයට
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී 17 හැවිරිදි තරුණියක් සමූහ දූෂණයකට ලක්ව තිබේ. පළමුව ඇය දූෂණය කර ඇත්තේ ඇයගේම පෙම්වතා වන බව වාර්තා වේ.
පෙම්වතා ඇයව කල්අඩිය ප්‍රදේශයේ පොල්වත්තකට රැගෙන ගොස් දුෂණය කර ඇති අතර සැගව සිටි තවත් දෙදෙනෙකු එය ජංගම දුරකථනවලින් වීඩියෝ ගත කර තිබේ.
පසුව එම තරුණයින් දෙදෙනා පැමිණ එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් අදාල තරුණිය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. එම අවස්ථාවේදී පෙම්වතා බව කියන තරුණයා පලාගොස් තිබේ.
දුෂණයට ලක්වූ තරුණිය මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පෙම්වතා බව කියන තරුණයා 24 වැනි වියේ පසුවන්නෙක් වන අතර සැකකාර අනෙක් තරුණයන් දෙදෙනා 19 සහ 21 වැනි වියේ පසුවන අයයි. පොලිස් විමර්ශනවලදී ඔවුන් 03 දෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය අද ඉදිරිපත් කිරීමට නියමිතයි.