පුතාගේ උපන්දින කේක් එකට සල්ලි හොයන්න ගිය ධීවරයා කිඹුලෙකුට බිලි
කොග්ගල කළපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මිනීකන කිඹුලෙකුට හසුවීමෙන් පෙරේදා (24) අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන නලීන් ප්‍රසාද් කුමාර දළුවත්ත නැමති 32 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයාගේ බිරිද මීට මාස කිපයකට පෙර විදේශගතව ඇති අතර මොහුගේ බාල දරුවා වන රම්‍ය උධාර මධුසංක ගේ උපන් දිනය ඊයේ (25) දිනට යෙදී තිබෙනවා.
තම පුතුගේ සත්වැනි උපන් දිනය වෙනුවෙන් උපන් දින කේක් එකක් මිලට ගැනීමට කොග්ගල කලපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය මෙම ධීවරයා නැවත නිවසට පැමිණ නැති අතර ඔහු පිළිබඳව ප්රද්ශවාසීන් විසින් සොයා ඇතත් එය ව්‍යවර්ථ වී ඇත.
පසුව ඊයේ (25) දහවල් ප්‍රදේශවාසීන් කල සොයා බැලීමේදී කිඹුලකු විසින් ඇදගෙන ගොස් කා දමා තිබුන නලීන් ප්‍රසාද් ගේ මල සිරුර සොයාගෙන තිබෙන අතර මළ සිරුර සොයාගන්න විටත් කිඹුලන් විසින් සිරුරේ ඉනෙන් පහළ කොටස කා දමා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.