පුතා දැරිය පැහැරගත්තේ නෑ කැමැත්තෙන් ආවේ – රාජිත

null

දැරියක්‌ පැහැරගෙන රඳවාගෙන සිටින බවට තම පවුල වෙත එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (19 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.

තම නිවසේ බලෙන් දරුවෙකු සිරකරගෙන නොමැති බවත්, දෙමාපියන්ගේ නොසැලකීම මත එම දරුවාගේම කැමැත්තෙන් තම නිවසේ රැඳීසිටින අතර හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවන බවත් අමාත්‍යවරයා පැවසීය.

මුලින්ම දැරිය තම වැඩිමහල් පුතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ ඇයව කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත් ඇයට යළි නිවසට යැමට නොහැකි බව පැවසූ නිසා තම නිවසට පැමිණි බවත් ඇමැතිවරයා කීය.

අද පුවත් වාර්තා කරන පරිදි අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේද සඳහන් කර ඇත…

මගේ පුතා ගිහින් මේ දරුවා පැහැරගෙන ආවා කියලා චෝදනා කරනවා. ඒ දරුවම ළමා ආරක්ෂණ අධිකාරියට ලබාදුන් කටඋත්තරයේ හොඳටම සඳහන් වෙලා තියෙනවා ඒ ගැන.කිසිම වෙලාවක මේ දරුවා බලෙන් පැහැරගෙන ඇවිත් නැහැ. ඒ දරුවා අපේ ගෙදරට ආවට පස්සෙ අපේ ගෙදර අයයි පොලීසියට එක්කගෙන ගිහිල්ලා පැමිණිල්ල දාලත් තියෙන්නේ.
අපි මේ දරුවට බලහත්කාරකම් කළා නම් මේ දරුවා ලන්ඩන් ඕලෙවල් හොඳට පාස් වෙයිද?දැන් එයා උසස් අධ්‍යාපනයට විදේශගතවෙන්නයි ඉන්නේ. බලහත්කාරකම් කළා නම් එහෙම කරයිද? හරි හෝ වැරදි හෝ අඩුගානෙ මගේ පුතාට ඉන්නෙ එක ගෑනු ළමයයි. ඔය කතාකරන අයට දවසට එකගානේ ගෑනු ළමයි ඉන්නවා. දැන් ස්ත්‍රී දූෂකයො තමයි කතාකරන්නෙගෑනු ළමයි පැහැරගෙන ගියා කියලා.

මෙය හුදෙක් තමාට බොරු මඩ ප්‍රචාර එල්ල කිරීමට කරන උත්සහයක් බවත් ඔහු සඳහන් කර ඇත.

අදාළ දැරියගේ වයස අවුරුදු 16යි මාස 11ක් බවත්, ඇය ගොස් ඇත්තේ සිය කැමැත්තෙන් නිසා ඊට එරෙහිව පොලීසියට ක්‍රියා කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව අදාළ දැරියගේ මව්පියන් විසින් පවරන ලද නඩුවකට අදාළව අමාත්‍යවරයාටත්, ඔහුගේ එම පුත්‍රයාටත් උසාවිය හමුවේ ලබන මස 2 වැනිදා පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>