පුතුට පිහියෙන් ඇන ගෙලවැලලාගත් මවගේ දිනපොතේ සටහන

null

වේයන්ගොඩ – මැදගමුව ප‍්‍රදේශයේදී මවගේ පහරදීමට ලක්ව තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ සිව් හැවිරිදි දරුවාගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද උදෑසන මෙම මව සිය සිව් හැවිරිදි කුඩා පිරිමි දරුවාට තියුණු ආයුධයකින් පහරදී ඇයද සියදිවි හානි කරගෙන තිබුණි. පහරදීමෙන් දරුවාගේ හිසට සහ අතට තුවාල සිදුව තිබේ.

වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරි සිසිර විජේසුන්දර මහතා පැවසුවේ දරුවා සැත්කමකට භාජනය කළ බව ය.

එම සිද්ධිය වන අවස්ථාවේ ඇගේ තවත් දරුවෙකු නිවසේ සිට ඇති අතර පසුව එම දරුවා එම නිවසෙන් පළාගොස් තිබේ.

දරුවන්ගේ පිය සමග ඇති කරගත් පෞද්ගලික ආරවුලක් මත සිත් තැවුලට පත් අදාල මව මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන බව අනාවරණය වී තිබේ.

සිය ජීවිතය පිළිබඳව කලකිරී සිය දරුවන්ගේ ද දිවි තොර කිරීමට තැත් කර දිවි හානිකරගත් කේ. සාගරිකා , සිය දින පොතේ මෙසේ සටහන් කර තිබු බව සිරස නිව්ස් වාර්තා කරයි.

”ජීවිතේ ගැන මට දැනෙන දේ විස්තර කරන්න වචන නැ. පුදුමාකාර වේදනාවක් මට දැනෙන්නේ. ගිනි ගොඩක් මැද ජීවත් වෙන්නේ මම පිච්චි පිච්චි. දරු පැංචෝ දෙන්නයි මායි දෙපොළක ඉන්නේ. මම මේ දුක දරාගෙන ඉන්නේ පුදුම වේදනාවකින්”

”මම කාට දුන්න ගින්දරක් ද? මේ පත්තු වුණේ. හිතේ තියෙන වේදනාව දරාගෙන ඉන්න අමාරුයි. ඒත් ඒ දුක විදගන්නම වෙනවා. මේ විදවීම කවදානම් ඉවර වෙයි ද?”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>