පුතෙකු සිය පියාට පහරදී ඝාතනය කරයි

001
පොළොන්නරුව, උදාකළගම,කලහාගල ප්‍රදේශයේ දි පුතෙකු විසින් සිදුකළ පහරදීමකින් සිය පියා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද(04) අලුයම ඇති වූ පවුල් ආරවුලකදි පුතා විසින් සිය පියාට පොල්ලකින් පහර දීමෙන් මෙම ඝාතනය සිදුව තිබේ. බීමතින් පැමිණි සැකකරු පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය කියා සිටි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පියා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කලහාගල උදාකළගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

දැනට ප‍්‍රදේශය අතහැර පලාගොස් සිටින එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොළොන්නරුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>