පුද්ගලයෙකු කළු ගලකට යටවේ

null

තලවාකැලේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගී වතුයායේ වතුකම්කරුවෙක් විශාල කළු ගලකට යටව තිබේ. මෙසේ අනතුරට පත්වී ඇත්තේ එම වතුයායේ වතුකම්කරුවෙකු වශයෙන් සේවය කරන 36 හැවිරිදි එස්. විජේකුමාර නැමති සිව්දරු පියෙකි.

එම පුද්ගලයා සිය නිවස ඉදි කිරීම සඳහා අවශ්‍ය කළු ගල් සකස් කර ගැනීමට යාමේදී ගෙපල තුලවූ විශාල කළු ගලක් පෙරලීමෙන් එම අනතුරට මුහුණ දී තිබේ.

කළු ගල ඔහුගේ දෙපා මතට වැටි ඇති අතර එම නිසා ඔහුට ජිවිත අනතුරක් සිදුව නැත.

කෙසේවෙතත් පැය හයකට පමණ පසු ඔහු බේරාගෙන තිබේ. ඒ පාරක් කපා බැකෝ යන්ත්‍රයක් රැගෙන ඒමෙන් පසුවය. එතෙක් වතු කම්කරුවන් පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ලී ,දැව, දඩු යකඩ කදන් වලින් පමණක් නොව දෑත් වලින්ද ගල ඔහු මතට පෙරැළිම වළක්වමින් ඔහුව බේරාගැනීමට කටයුතු කළහ.

null
null
null

ඡයාරූප – හිරු නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>