පුළුන් කොට්ටයක් බඩේ බැඳන් ප්‍රසූත නිවාඩු අරන්
පුළුන් කොට්ටයක් කුසේ බැඳගෙන ගැබිනියක් ලෙස රඟපා ප්‍රසූත නිවාඩුද ලබාගෙන වෙනත් කාන්තාවකට ලැබුණු දරුවෙක් තමන්ට ලැබුණු දරුවෙක් ලෙසට කූඨ ලේඛන සකස් කරගෙන හදාවඩා ගන්නා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනියක් පිළිබඳව පොලිස්පතිවරයාගේ නියෝග මත දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයට අයත් ඇත්කඳුර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරන ඇයගේ පුරුෂයා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.
මීට පෙර මේ පිළිබඳව ඇත්කඳුර ප්‍රදේශයේ පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇතත් කරන්දෙණිය ප්‍රදේශයේ සන්ධාන දේශපාලන බලවතකුගේ බලපෑම මත එම සියලු පරීක්ෂණ යටපත් කර ඇත.
මෙම වංචාවට සම්බන්ධ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනියගේ පුරුෂයා වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද වසර කිහිපයකදී කෝටිපතියකු වී ඇති බවත්, හදිසියේ කෝටිපතියකු වූ ඔහු පිළිබඳවද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසද පොලිස්පතිවරයා විසින් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් නියෝග කර ඇත.
(ඇල්පිටිය – කේ. සී. විදානආරච්චි)