පූජා නගරයේදී වන අලි ප්‍රහාරයකින් 2කු මරුට

null

අනුරාධපුරය පූජාභූමියට ඇතුළු වූ වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මියගොස් ඇත්තේ සිවිල් ආරක්ෂක භටයෙකු සහ අනුරාධපුරය ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන උඩමළුවේ හේවිසි වාදනය කරන්නෙකුය. මොවුන් දෙදෙනා අද අලූයම පූජා භූමිය හරහා ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප‍්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වන අලියා අද අළුයම පූජා නගරයට ඇතුළු වී ඇති අතර දේපළ රැසක් මේ වන විටත් විනාශ කර ඇත.

අදාළ වන අලියා මේ වන විට මල්වතු ඔය ප්‍රදේශයේ සැරිසරමින් සිටින බවත්, වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා පළවා හැරීමේ කටයුතු වල නිරත වී සිටින බවත් වාර්තා වෙයි.

මේ හේතුවෙන් අනුරාධපුර පූජා නගරය අවට අතුරු මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>