පෙබරවාරියේ විධායක බලතල අහෝසිකෙරේ

null

විධායක ජනාධිපති ධුරයේ බලතල සියල්ල පෙබරවාරි මාසය වන විට අහෝසි කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබේ.

ඊයේ (25) මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

තොරතුරු දැනගැනීමේ පනත ද පෙබරවාරි මාසය වන විට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවත්, පක්ෂ භේදයකින් තොරව සර්ව පාක්ෂික පාර්ලිමේන්තුවක් බිහිකිරීම සඳහා සියලූ පාර්ශ්ව එක්විය යුතු බවත් ඔහු අවධාරණය කල බව නෙත් නිව්ස් වාර්තා කරයි.

මේ අතර අද අමාත්‍යවරයා යුරෝපා කොමිසම හමුවීම සඳහා බෙල්ජියමේ රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිතයි. ඒ යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම තහනම් කිරීම පිළිබඳව සාකච්චා කර විසඳුමක් ලබාගැනීම සඳහාය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>