පෙබරවාරි 1 වැනිදා සිට බස් ගාස්තු අඩුකෙරේ
සියලූ බස් ගාස්තු පෙබරවාරි මස 1 වැනිදා සිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් අඩු කෙරෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ.
අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කෙරෙනු ඇත.
රුපියල් දහතුනේ ගාස්තුව රුපියල් 12 දක්වාත්, රුපියල් 18 සිට රුපියල් 34 දක්වා වූ ගාස්තු රුපියල් දෙකකින්ද, රුපියල් 37 සිට රුපියල් 41 දක්වා වූ ගාස්තු රුපියල් 3 කින්ද නව සංශෝධනය යටතේ අඩුකර තිබෙනවා. එමෙන්ම රුපියල් 44 සිට රුපියල් 59 දක්වා වූ ගාස්තු රුපියල් 4 කින් සහ රුපියල් 62 සිට රුපියල් 64 දක්වා වන ගාස්තු රුපියල් 5 කින් අඩුවනු ඇති. දැනට ක්‍රියාත්මක වැඩිම බස් ගාස්තුව වන රුපියල් 708 ක ගාස්තුව රුපියල් 651 දක්වා අඩුකර තිබෙ.
මීට අමතරව අධිවේගී මාර්ගවල හා ත්‍රීරෝද රථ ගාස්තු පාසල් වෑන් ගාස්තු අඩු කිරීම ගැන ද සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.