පෙම්වතාගේ පිහි පහරින් පාසල් සිසුවිය මියයයි

null

තම පෙම්වතා පිහියකින් සිදුකළ පහරදීමකින් ගල්ගමුව ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් මියගොස් තිබෙ. මෙලෙස මියගොස් ඇත්තේ ගිරිබාව, ඔරුගල, සාලිය අශෝකපුර පදිංචි කාවින්දි සදුෂානි ප්‍රනාන්දු නම් 16 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය සාලිය අශෝකපුර, සිරිමාපුර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.

ඇය 12 හැවිරිදි වියේදී පටන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවයේ යෙදෙන තරුණයකු සමග පෙම් සම්බන්ධතාවක් තිබී ඇති අතර මේ වන විට එම සම්බන්ධයට අවුරුදු 4ක් ගෙවී ඇත.

ඇයගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි මෙම තරුණයා පසුගිය 16 වනදා ඇය හමුවීමට නිවසට පැමිණ ඇති අතර ඇයත් සමග කතා කිරීමට උවමනා බව පවසා පුටු දෙකක්ද රැගෙන ගොස් එළිමහනේ කතා කරමින් සිට ඇත. සිද්ධිය වන අවස්ථාවේ ඒ අසල ඇයගේ යෙහෙළියක් සිට ඇති අතර ඇය පවසන්නේ පිහියෙන් පහරදීමට ප්‍රථම ඔහු කාවින්දිට ලියුමක් කියවීමට දුන් බවයි. ඉන්පසු ඇය ඉඳගෙන උන් ස්ථානයෙන් නැගිට යන්නට තැත් කිරීමේදී අදාල තරුණයා පිහියක් ගෙන ඇයගේ ගෙලට ඇන ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධියෙන් පසුව තරුණයාද නිවාස ඉදිපිට තිබු ගසක එල්ලී දිවි නසා ගැනීමට තැත් කර ඇති අතර ලණුව කැඩීයාම නිසා එම උත්සාහය අසාර්ථක වී ඇත. පසුව සැකකරු පලායද්දී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

පොලිසිය කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ එම තරුණයා සිදුකළ පාපොච්චාරණය මෙසේය.

​”​ අවුරුදු හතරහමාරක්‌ තිස්‌සේ කාවින්දිගෙයි මගෙයි අතරේ ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබුණා. ඒත් අන්තිමේදී එයා මට පිටු පෑවා. එයා මගේ ආදරේට පයින් ගහලා වෙන කොල්ලෙක්‌ එක්‌ක යාළු වුණා. කාවින්දිගේ ආදරේ නැතිව මට ජීවත් වෙන්න බැහැ. ඒ නිසයි මම කාවින්දිවත් මරලා සිය දිවි හානි කර ගන්න හැදුවේ…කාවින්දි මස්‌සිනා එක්‌කත් සම්බන්ධයක්‌ තියෙනවා කියල ආරංචි වුණා. ඒත් මස්‌සිනා මා එක්‌ක කිව්වේ කාවින්දි නංගි මගෙත් එක්‌ක සම්බන්ධයක්‌ නැහැ වෙනත් කොල්ලෙක්‌ එක්‌ක යාළුයි කියලා….​”​

ඝාතනයට ලක්‌වූ ශිෂ්‍යාවගේ මස්‌සිනා කෙනෙකු ද නිවසට පැමිණ සිටීම නිසා සැකකරු ඔහු පිළිබඳ සැකයකින් පසුවී ඒ පිලිබඳ කෝපයෙන් මෙම ඝාතනය සිදුකොට ඇතිබව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>