පෙම්වතියගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ගත් සෙබලා

null

වාරියපොල – අවුලේගම ප‍්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවස ඉදිරිපිට දී වෙඩි තබාගෙන දිවි හානිකර ගත් බව කියන හමුදා සෙබලෙකුගේ මල සිරුරක් ඊයේ (06) සොයා ගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ යුද හමුදාවේ මුලතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 19 හැවිරිදි සෙබලෙක්.

එම සෙබලා පසුගිය පළවනදා ටී 56 ගිනි අවියක් සොරකම් කර හමුදා කඳවුරෙන් පළා ආ අයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණ වී තිබේ.

ඔහුගේ පැමිණීමෙන් පසු ඔහුගේ පෙම්වතියගේ පියා සෙබලා තම දියණිය සහ පවුලේ පිරිස ඝාතනය කිරීම සඳහා මෙලෙස පැමිණ ඇති බව පවසමින් වාරියපොළ පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

ඔහුගේ සිරුර සොයා ගැනුණේ ප‍්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිසිය කළ සෝදිසියකදියි. ඒ අසල තිබු ඔහුගේ බැගයකින් සිය පෙම්වතිය වෙත පොල් කොළවල ලියන ලද ලිපි කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පෙම්වතිය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් අදාළ හමුදා සෙබළා සියදිවි හානිකර ගෙන ඇති බවට සැක පළ කරන බව පොලිසිය පැවසු අතර මෙය සිය දිවි හානි කර ගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>