පෙම්වතියට තෑග්ගක් ගන්න සල්ලි නොදුන් නිසා අම්මව මැරුවා

null

කහවත්ත, කොටකෙතන චන්ද්‍රානි ස්වර්ණලතා (39) හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දෙවන පුත් උෂාන්ත මහේෂ් ශ්‍රියානන්ද (18) ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

පසුව සිදුකල පොලිස් ප්‍රශ්න කිරීම් වලදී අදාළ තරුණයා සිය මව ඝාතනය කළ බවට පාපොච්චාරණයක් කර තිබේ.

අදාළ තරුණයා සිය මව ඝාතනය කර ඇත්තේ තම ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වීම නිසාත්, පෙම්වතියට තෑග්ගක් මිලදී ගැනීම සඳහා මුදලක් ඉල්ලා සිටීයදි එය නොදුන් නිසා බවද පවසා තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි යොවුන් සේනාංකයේ නිවිතිගල මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිට ඇති 18 හැවිරිදි තම පුත‍්‍රයාගේ පේ‍්‍රම සම්බන්ධය පිළිබද මව තොරතුරු දැනගෙන ඇත්තේ ඇය ඝාතනයට ලක්වූ ඉකුත් 5 වනදා උදෑසනයි. පසුව එම පේ‍්‍රම සම්බන්ධය නතර කරන ලෙසට මව විසින් පුත‍්‍රයාට අවවාද කරනු ලැබ තිබේ.

ඊට දිගින් දිගටම විරෝධය පළ කළ පුත‍්‍රයා, තම පෙම්වතියට අව්රුද්දට ඇඳුම් අරන්දීම සදහා මුදල් අවශ්‍ය බව පවසමින් මවට ඇවිටිලි කර ඇතැයි සදහන්. මුදල් ලබාදීම මව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීමත් සමග දිවි නසා ගන්නා බවට පුත‍්‍රයා විසින් තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළි විය.

ඊට විරෝධය පළ කිරීම නිසා දෙදෙනා අතර පසුගිය 4 වැනිදා රාත්‍රී ඇති වූ එම බහින් බස්වීමෙන් පසුව පුතා සිය මවට පහරදී ඇත. එහිදී මව සිහිසුන්ව ඇද වැටි ඇති අතර මව මියගිය බවට සැකකළ පුතා නිවසේ තිබූ මන්න පිහිය ගෙන හිසටත් මන්නා පහරවල් කිහිපයක් එල්ල කර මෙය වෙනත් අයෙකු විසින් කල ඝාතනයක් බවට ඒත්තු ගැන්වීමට උත්සහ දරා ඇත. පසුගිය කාලයේදී කොටකෙතන සිදුවූ කාන්තා ඝාතන රැල්ලට මෙය එක් කිරීම ඔහුගේ අරමුණ වී තිබේ.

පසුව කැපුම් තුවාල සහිතව නිවසේ ඇද වැටුණු මවගේ ඇදුම් ගලවා ඉවත් කර ඇත්තේ එය ස්තී‍්‍ර දුෂණයකින් සිදුවූ බවට මවා පෑම සදහායි. පසුව තම මවගේ නිරුවත් සිරුර රැුගෙන ගොස් අසල තිබූ ඇළට දමා ඇති පුත‍්‍රයා, ඝාතනයට යොදාගත් පිහියද ඇළට දමා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වුණා.

මේ අතර තම මව ඝාතනය කළ දිනයේ සැකකරු සහ ඇයගේ පෙම්වතිය අතර කෙටි පණිවිඩ 250 කට වැඩි සංඛ්‍යාවක් හුවමාරු වී ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය. සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්‍රී 8ට නින්දට ගිය බව පැවසුවත් ඔහු රාත්‍රී 10 පමණ වන තෙක් තම පෙම්වතිය සමග කෙටි පණිවිඩ හුවමාරු කරගනිමින් සිට ඇති බවට පොලිසියට අනාවරණය වී තිබේ. මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කලත් ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමන් රාත්‍රී 8ට නින්දට ගිය බවයි. ඒ ඔස්සේ ඇතිවූ සැකය මත පොලිසිය තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමේදී සියල්ල මෙසේ හෙළිවිය.

උෂාන්ත මහේෂ් ශ්‍රියානන්ද (18) නැමැති පුත්‍රයා අද පැල්මඩුල්ල උසාවියට ඉදිරිපත් කර රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුවූ දින අදාල පුත්‍රයා මාධ්‍යට පැවසූ කතාව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>