පෙම්වතිය ඝාතනය කළ පිස්ටෝරියස් අවුරුදු 5ට හිරේ

null

තම පෙම්වතිය වූ රීවා සිටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට ඊයේ (21) වසර 5ක සිරදඬුවම් නියම කර තිබේ.

2013 වසරේ පෙබරවාරි මස 14 වන දින රීවා ස්ටීන්කෑම්ප් ඝාතනයට ලක් විය. පසුව පැවති දීර්ඝ නඩු විභාගයේදී ඔප්පු වූයේ, එය සාවද්‍ය ඝාතනයක් බවය.

ඔස්කා පිස්ටෝරියස් ප්‍රකාශ කර සිටියේ වැරදීමකින් තමා අතින් පෙම්වතිය ඝාතනය වූ බවයි. වැලන්ටයින් දින රාත්‍රියේ තමා පුදුම කිරීමට පැමිණ ඇති පෙම්වතිය සොරෙකු යයි සිතා වෙඩි තැබූ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රිටෝරියා අධිකරණයේදී පවතී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඔහු නොසැලකිලිමත් අවි භාවිතය සම්බන්ධ වැරදිකරුවෙකු වූ අතර අවුරුදු 5ක සිර දඬුවමකට යටත් විය. අවි යුධ වැරදි ලෙස භාවිතා කර අත්වැරදීමකින් මනුෂ්‍ය ඝාතනයක් කල බව අධිකරණයේ ඉදිරිපත් කල සාක්ෂි අනුව තහවුරු කර තිබේ. සාක්ෂි අනුව ඔහු හිතාමතා තම පෙම්වතිය වෙඩි තබා ඝාතනය කල බව ඔප්පු නොවූ බවද එහිදී ප්‍රකාශයට පත්විය.

1986 උපන් ඔස්කා පිස්ටෝරියස් දකුණු අප්‍රිකානු කෙටි දුර ධාවකයෙකි. ඔහු මාස 11 වන විට ඔහුගේ පාද දෙකම දණහිසෙන් පහල ඉවත් කිරීමට සිදුව තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>