පෙම්වතුන්ට දෙන කාමරේ ප්ලග් වල සූක්ෂම කැමරා

null

කුළියාපිටිය ආනන්දගිරි ගාඩ්න්ස් ප්‍රදේශයේ පෙම්වතුන් සදහා තාවකාලික නවාතැන් ලබා දෙන ස්ථානයක කාමර තුළ ඇති විදුලිය ලබා ගන්නා විදුලි පේනු තුළ සූක්ෂම ලෙස කැමරා සවිකර තිබියදී සොයාගෙන තිබේ.

හිරු CIA විසින් මෙම සූක්ෂම ජාවාරම පිළිබඳව අනාවරණය කරගෙන තිබේ.

මෙම නවාතැන් පෙළේ කාමර තුල ඇති විදුලිය ලබාගන්නා විදුලි පේනු තුල සූක්ෂම ලෙස කැමරා සවි කර තිබෙන අතර එම කැමරා වලින් ලබාගන්නා දර්ශන වෙනම ස්ථානයක පටිගත වන බව සොයාගෙන තිබේ.

ඊට අමතරව කාමරයේ යහනට මුහුණලා ද මෙම සූක්ෂම කැමරා සවිකර ඇති අතර ඉන් ලබාගන්නා දර්ශන මෙම ආයතනයේ වෙනත් ස්ථානයක ඇති රූපවාහිනියක මුදලට ප්‍රදර්ශනය කර තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබදව දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මෙම ස්ථානය පරීක්ෂා කර තිබේ. එහි ඇති පැමිණීමේ සටහන් පොත පරික්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ බොහෝමයක් නව යොවුන් වියේ තරුණ තරුණියන් මෙම ස්ථානයට පැමිණ ඇති බවයි.

පොලිසිය පැමිණීමත් සමග මෙම ස්ථානයේ හිමිකරු කැමරා දත්ත පද්ධතියේ කොටසක්ද රැගෙන පළාගොස් තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ මෙම ස්ථානයේ ඔත්තු බැලීම සදහා තරුණයෙකු පැමිණ ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔහු මෙම ස්ථානයේ සති අන්ත භාරකරු ලෙස ඔහු කටයුතු කරනා බවයි.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර අදාළ කැමරා උපකරණද භාරයට ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>