පෙම්සුව සොයා මහා රෑ ලැගුම්හලට ගිය පාසල් සිසුවිය

null

තම මවුපියන් සමඟ අමනාප වී හොර රහසේ පෙම්වතා මුණගැසීමට මහ රෑ ඇල්ල කිතල්ඇල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට යමින් සිටි මාතලේ ප්‍රදේශයේ විදුහලක 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් පොලිස් භාරයට ගත් පුවතක් ඇල්ල පොලිසියෙන් වාර්තා වේ.

එම සිසුවිය මාතලේ නාවුල පදිංචිකාරියක වන අතර රාත්‍රි තනිව මෙසේ යන විටදී ලද තොරතුරක් අනුව ඇය පොලිසිය භාරයට ගෙන ඇත.

ඇල්ල පස්සර පදිංචි ඇල්ල නගරයේ හෝටලයක සේවය කරන සිසුවියගේ 23 හැවිරිදි පෙම්වතාද පොලිසියට කැඳවා තිබේ.

දැරියගේ මවුපියන් ඇල්ල පොලිසියට කැඳවූ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා ඔවුන්ට දැඩි සේ අවවාද කර සිසුවිය මවුපියන්ට භාර දුන්නේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>