පේරාදෙණියෙන් සර්ප විෂට ඖෂධයක්

null

වසර 4ක් පුරා සිදුකළ පර්යේෂණවලින් අනතුරුව සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධම්මික ගවරම්මාන මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම ඖෂධය සොයාගෙන ඇති බව සඳහන්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසුවේ වසර ගණනාවක පර්යේෂණ කාර්යයකින් පසුව මෙම ඖෂධය සොයගත් බවයි.

එමෙන්ම මෙම බෙහෙත මෙතෙක් භාවිත කළ ඖෂධවලට වඩා සිව් ගුණයක ප්‍රබලතාවකින් යුක්ත බවත්, එමගින් රෝගියාට ඇති වන අතුරු ආබාධ 90%ක් අඩු වන බවත් ඔහු අවධාරණය කළේය.

මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>