පොදුරද තරුණ සම්මේලනයෙන් ජනපතිට සම්මානයක්

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ ඇගයීම් සම්මානයක් පිරිනමා තිබේ. තරුණ සම්මේලනයේ සභාපති අහමඩ් අඩමු විසින් ඊයේ මෝල්ටා රාජ්‍යයේදී ජනාධීපතිවරයා වෙත මෙම සම්මානය පිරිනමා ඇති බව සඳහන්.

පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපතිවරයා ලබාදුන් සුවිශේෂී සහයෝගය සහ දායකත්වය උදෙසා මෙම සම්මානය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෝල්ටා රාජ්‍යයේ සිට අද ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ.

එම සමුළුව හෙට පැරිස් නුවරදී ආරම්භවීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>