පොදුරද මඩුළු සභාපති ධූරයෙන් ඉවත්වන ලෙස අගමැති ජනපතිට කියයි

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඔහු පෙන්වාදෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අංශයෙන් උපදෙස් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජනපති එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකලේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බව පවසමින්. එම පෙත්සම සලකාබලා පෙත්සම් විභාගය අවසන් වනතුරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරන ලදී.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ දී කරුණු දැක්වීමක් සිදුකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට නියෝග කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාල සිද්ධිය පිළිබඳ තමන් පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අංශයෙන් උපදෙස් ලබා ගන්නා බව පසුගියදා ප්‍රකාශ කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>