පොදු අපේක්ෂකයා කව්රුන්ද?

null

කෝට්ටේ නාගවිහාරයේදී පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජනපතිවරණයට දින නියම කළ පසු ප්‍රකාශයට පත් කරන බවය.

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, එහි ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ ද එක්ව සිිටිහ. එමෙන්ම පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටීම විශේෂත්වයකි.

විධායක ජනධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහාත් ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු තෝරාගැනීමේ අවසන් සාකච්ඡාව සඳහාත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියෝ පිටකෝට්ටේ නාග විහාරයේ දී දේශපාලන නායකයින් මෙන්ම වෘත්තීය සමිති ද හමුවි සාකච්ඡා කළහ.

තම වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද එකඟත්වයක් ගොඩ නැගෙන ලකුණු ඇතැයි ද ඒ හිමියෝ කියති.
සෝභිත හිමි ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරීය යන සිව් දෙනාගෙන් කෙනකු බොහෝ දුරට පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීමේ ඉඩකඩ ඇතැයි ද ඒ සඳහා යළි රැස්වීමක් ලබන10 වැනිදා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

null
null
null
null
null

ඡයාරූප – ලංකාදීප

 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>