පොදු අපේක්ෂකයා සූදානම්

null

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද කොළඹදී මාධ්‍ය සාකච්චාවක් පැවැත්වුවේය.

ජනාධිපති ධුරයට තේරී පත්වී හය මාසයක් යන්නට පෙර පාර්ලිමේන්තුවට බලතල පවරන, සියලු දෙනාටම පිළි ගත හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, පක්ෂ, ආගම්, කුල බේද නොතකා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවත් එහිදී උන්වහන්සේ පැවසුහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන්නැයි තමා ඇතුළු ‍පොදු විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ අනූව එය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කළ හැකි නම් එසේ කරන්නැයිද තමා ඉල්ලා සිටින බව මෙහිදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එම අවස්ථාවට සුබපැතුම් පණිවුඩයක් එවා තිබූ අතර, එය සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම විසිනි.

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම එල්ලූම්ගහට නියමවීමක් හා සමාන බවද එබැවින් එම අවදානමට මුහුණදීමට සුදානම්ව පොදු අපේක්‍ෂකත්වය භාරගත යුතු බවද ප‍්‍රජාත්නත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අද පැවැති මාධ්‍ය හමුවට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමි,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා,එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, තිස්ස අත්තනායක, රවි කරුණානායක,ලක්ෂ්මන් කිරිඇල්ල, කබිර් හෂීම්, ජයන්ත කැටගොඩ, හේමකුමාර නානායක්කාර, අසාද් සාලි යන මහත්වරු සහ ලංකා සමසමාජ පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම් වල නියෝජිතයින් සහභාගි වී සිටියහ.

එමෙන්ම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අනිද්දා (12) විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල සහයෙන් ජන හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>