පොදු අපේක්ෂක මමයි – තෙවැනි වරත් තරඟ කර ජයගන්නවා : ජනපති

null

තුන්වැනි වරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග‍්‍රහණය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි. එමෙන්ම සිටින හොඳම පොදු අපේක්ෂකයා තමන් බවද එතුමා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ලේ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. බිංගිරිය නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ පඩුවස්නුවර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයද ඊයේ (11) දිනයේ ජනාධිපතිවරයා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහතින්,

‘ තුන්වැනි පාරත් අපි ඉල්ලනවා, තුන්වැනි පාරත් අපි දිනනවා.‘
‘දැන් පොදු අපේක්ෂකයෙක් හොයනවා. මම කිව්වා ඉතින් කොහෙන් හරි හොයාගෙන එන්න. මට වඩා පොදු කෙනෙක් ඉන්නවද? මම තමා පොදු අපේක්ෂකයා. වෙන පොදු අපේක්ෂකයෙක් නෑ. අනිත් අය තනි අපේක්ෂකයො.‘

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>