පොරොන්දු ඉටු කර නැතැයි ජවිපෙන් රජයට චෝදනා

null

රජය දින සියයේ වැඩපිළිවෙල තුළින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඊයේ (04) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට වෙනත් කරුණු කෙරෙහි ප‍්‍රමුඛතාවය දී කටයුතු කරන තත්ත්වයක් දැන් උද්ගතව ඇති බවත්, රට ඉබාගාතයේ යන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් හෙතෙම චෝදනා කරයි.

දින 100 ආණ්ඩුව ක්‍ෂණික සහන වැඩසටහනක් ඉදිරිපත් කළා. දින 100ට වැඩ 100ක් කරනවා කිව්වා. ඒකට අනුව අතුරු අයවැයක් ඉදිරිපත් කළා. දින 100 අවසන් වෙලා සති 06ක පමණ කාලයක් ගතවෙලා තිබුණත් එම පොරොන්දුවලින් බොහෝ දේ ඉටුවෙලා නැහැ. මෝටර් බයිසිකල් ලබාදීමේ වැඩසටහනින් අසාධාරණයට පත් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදෙනවා කිව්වත් එය ඉටුකළේ නැහැ. විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවය විසඳන තුරු රුපියල් 3500ක දීමනාවක් දෙනවා කිව්වත් එය ලබාදී නැහැ. දරුවෙකු ප‍්‍රසූත කිරීමට සිටින සෑම මවකටම රුපියල් 20,000ක දීමනාවක් දෙනවා කිව්වත් එය ලබාදී නැහැ. වී කිලෝවක සහතික මිල රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවට පොරොන්දු වුණත් දැනටත් වී කිලෝවක මිල රුපියල් 30කටත් වඩා අඩු අගයකය. අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80-90 අතර මිලක් ලබාදෙනවා කිව්වත් එය ඉටුකර නැහැ.

රබර් කිලෝවක් සඳහා රුපියල් 350ක පාලන මිලක් ලබාදෙන්න පොරොන්දු වණත් එය ඉටුකර නැහැ. කිරි ලීටරයක් සඳහා රු. 70ක මිලක් ලබාදෙන බව පොරොන්දු වුණත් එය ලබාදී නැහැ. සියලූම ගොවීන්ගේ ගොවි ණය 50%කින් කපා හැරීමටත් දඩ මුදල් ඉවත් කිරීමටත් යෝජනා කළත් ඒ පොරොන්දුවත් ඉටුකර නැහැ. සෑම ධීවරයෙකුටම දශ ලක්‍ෂයක රක්‍ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු කරනවා කිව්වත් ඒ සඳහා වැඩපිළිවෙළක් නැහැ. ගොවීන්ට වගා හානි සඳහා රක්‍ෂණ ආවරණයක් ලබාදෙන බවට පොරොන්දු වුණත් ලබාදුන්නේ නැහැ. සියලූම ගොවීන්ට, ධීවරයින්ට අවිධිමත් රැකියාවල නියුතු අයට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙන බවට පොරොන්දු වුණත් එය ඉටුකළේ නැහැ.

ලක්‍ෂ දෙකහමාරකට අඩුවෙන් රන්භාණ්ඩ උකස් කළ අයගෙන් පොලී මුදල් සහ දඩ මුදල් කපාහරින බවට පොරොන්දු වුවත් එය ඉටුකළේ නැහැ. ඒ වගේම අතුරු අයවැයෙන් නිදහස් සෞඛ්‍යට ජාතික ආදායමෙන් 3%ක්ද අධ්‍යාපනය සඳහා 6%ක්ද වෙන් කරන බවට පොරොන්දු වුවත් එය ඉටුකිරීමට පියවර ගෙන නැහැ. වතු ජනතාවට ඉඩම් අයිතිය ලබාදී ජීවත්ව සිටින නිවාසවල අයිතිය තහවුරු කරන බවට පොරොන්දු වුවත් එය ඉටුකළේ නැහැ. හිසට සෙවණක් නැති ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කීවත් ඊට වැඩපිළිවෙළක් නැහැ. පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500 වැටුප් වැඩිවීමක් යෝජනා කළත් ඒ සඳහා කිසිදු නීතියක් සම්මත කර නැහැ. ආබාධිත සොල්දාදුවන් සඳහා ලක්‍ෂ 5ක ණයක් ලබාදෙන බව කිව්වත් එය ලබාදී නැහැ. අතුරු අයවැයෙන් මන්දිර බද්දක් යෝජනා කළාට එය ලබාගැනීමට කටයුතු කර නැහැ. මේ ආකාරයෙන් විශාල පොරොන්දු ප‍්‍රමාණයක් ලබාදී තිබුණත් එහි ප‍්‍රධාන දේවල් පවා ඉටුකර නැහැ. ලස්සන කතා විතරයි.

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් කටයුතු කරමින් සිටින බවද, එම පක්ෂ දෙකම බල අරගලයක නිරත වන බවද ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>