පොල්ලකින් ගසා තම පියා ඝාතනය කල පුතා

null

තම පියාට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන පුතෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ 21 හැවිරිදි තරුණයෙකි.

පසුගියදා තම පියා සමග ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් සැකකරු විසින් තම පියාට පොල්කින් පහර දී ඇති බව පොලීසිය කියයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පියා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ පුත්තලම,කල්අඩිය – මීඔය පාර පදිංචිව සිටි අඹගහවත්ත කෝරළලාගේ කරුණාරත්න (අවු:49) නම් අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>