පොල් ගහක් කපන්න ගිහින් පොලීසිය හා නිවැසියන් අතර ගැටුමක්

null

ගම්පහ – මුදුන්ගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක් අසල ඉඩමක පිහිටි අවදානම් සහගත පොල්ගසක් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් හා නිවැසියන් අතර ගැටුමක් හටගෙන තිබේ.

මහ නගර සභාවේ නිලධාරීන් මීට පෙර අවස්ථා දෙකකදී ද අදාළ පොල්ගස ඉවත් කිරීමට උත්සාහ කර තිබූ නමුත් ඉඩම් හිමිකරුවන් සමඟ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය ඉවත් කිරීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් පසුගිය 16 වනදා මහ නගර සභාවේ නිලධාරීන් ගම්පහ පොලිසිය ද සමඟ ගස ඉවත් කිරීමට ගිය ද එහිදී ඉඩම් හිමිකරුවන් හා පොලිසිය අතර ගැටුමක් හටගෙන තිබෙන අතර අදාළ ගැටුමින් තුවාල ලැබූ ගම්පහ පොලිසියේ සැරයන්වරයෙකු ගම්පහ මහ නගර සභාවේ වැඩ අධිකාරීවරයෙකු සහ ඉඩමේ හිමිකරු ගම්පහ මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී පහරදීම සිදු කල පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ සිදුවීම අසල සිටි අයෙක් සිය ජංගම දුරකථනයේ පටිගත කරගෙන තිබුනේ පහත පරිදිය…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>