පොලිතීන් සහ ඇස්බැස්ටස් තහඩු භාවිතයට ජනපතිගෙන් දැඩි නීති

null

පොලිතීන් සහ ඇස්බැස්ටස් තහඩු භාවිතය වැලැක්විම සඳහා ලබන වසරේ සිට දැඩි නීතිරිති පනවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ පරිසරයට සහ ජනතාවගේ සෞඛ්‍යට බලවත් තර්ජනයක් බවට පත්ව ඇති පොලිතීන් භාවිතය වැලැක්විමට ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට දැඩි නීති පනවන බවත්, 2018 වසරේ ජනවාරි මස පළමු වනදා සිට ඇස්බැස්ටෝර්ස් ආනයනය සහ නිෂ්පාදනය ද සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත් ය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පාරිසරික සත්කාරක වැඩසටහන වෙනුවෙන් අද (29) පෙරවරුවේ පැවති මහනුවර දිස්ති‍්‍රක් පාසල් දරුවන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින්.

තමා පරිසර මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය ධුර දරන සමයේ පොලිතීන් භාවිතය තහනම් කිරීමටත් ඇස්බැස්ටෝර්ස් මෙරටට ගෙන්වීම වැළැක්වීමටත් සැලසුම් සකස් කළද ඒවා කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව නොලැබුණු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කිසිදු පෞද්ගලික සමාගමකට හෝ ආයතනයකට යටත් නොවී ජනතාව වෙනුවෙන් මෙම තීන්දු තීරණ ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>