පොලිස් නිලධාරියාගේ ඝාතනයට බිරිඳ අත්අඩංගුවට

null

පසුගිය දා පානදුර නිවසක් තුළදී පොලිස් නිලධාරියෙකු ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ ඇතුළු ඇයගේ ඥාති කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් බිරිඳ වෙළෙඳ සලක් පවත්වාගෙන යන තැනැත්තියකි.

බණ්ඩාරගම පොලිසියට අනුයුක්තව සේවය කළ ආර්.රූබන් විජේවර්ධන පලිහවඩන නැමැති උපපොලිස් පරීක්ෂකවරයා පසුගිය 06 වනදා අළුයම පානදුර දකුණ – බෙක්කේගම ප්‍රදේශයේ සිය නිවසේ ඇඳක් මත නිදා සිටියදී ගෙළ කපා ඝාතනය කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ, මිය ගිය පොලිස් නිලධාරියාගේ ගෙලෙහි අඟල් කිහිපයක කැපුම් තුවාලයක් තිබුන බවත්, ඝාතනයට යොදාගත් බවට සැක කරන මන්නා පිහියක් ද ඔහුගේ නිවසට යාබද පිට්ටනියක් අසල තිබී සොයා ගත බවත්ය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණි.

ඉන් අනතුරුව සැකකාර බිරිඳ සහ ඥාතී කාන්තාව අත්අඩංගුවට ගත අතර ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>