පොලිස් නිලධාරියෙකු ගෙල කපා ඝාතනය කරලා

null

බණ්ඩාරගම පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු අද අලූයම ගෙළ කපා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයා පදිංචිව සිටින පානදුර සිය නිවසේදියි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර දකුණ පොලිස් වසමේ බෙක්කේගම ප‍්‍රදේශ පදිංචිව සිටි බණ්ඩාරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

ඔහුගේ මෘත ශරීරය ඔහු නිදාගෙන සිිටි කාමරයේ ඇද මත තිබී සොයාගෙන තිබෙන අතර ඔහුගේ ගෙල පෙදෙස තියුණු ආයුධයකින් කපා ඇති බවට අනාවරණ වේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් කි‍්‍රයාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>