පොලිස් පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇනලා

null

සපුගස්කන්ද – සියඹලාපේ ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු තම පෙම්වතියට පිහියකින් ඇන තිබේ. සැකකාර 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ තරුණිය සමග වසර දෙකක පමණ කාලයක් පේ‍්‍රම සබදතාවක් පවත්වා තිබේ.

ඔවුන් දෙදෙනා සපුගස්කන්ද ප‍්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වාසය කර ඇත.

තරුණිය පේ‍්‍රම සබදතාව නතර කිරීම හේතුවෙන් ඇති වූ සිත්තැවුල මත පොලිස් කොස්තාපල්වරයා මෙම පිහිඇනුම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරු ඇගේ මැණික් කටුව ආසන්න ප්‍රදේශයට පිහියෙන් ඇණ ඇති අතර ඇය මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>