පොලිසියට ගල් ගසා මරණ බව කිව් උපුල් CIDයට

null

දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු වන ඩී.වී. උපුල් මහතා අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ. ඒ, තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිළිබඳ දැක්වූ තර්ජනාත්මකව අදහස් දැක්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහායි.

ඒ අනුව අද (08) පෙරවරු 9.45ට පමණ ඒ මහතා එම විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ඔහු පසුගියදා තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සියලුදෙනා ගල් ගසා මරා දමන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර පසුගියදා ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>