පොලිසියේ දඩ ගෙවන්න ඊසි කෑෂ් ක්රමයක්
රථ වාහන වැරැදිවලට හසුවන රියැදුරන්ට දඩ මුදල් ගෙවීම පහසු කිරීම සඳහා ඊසි කෑෂ් ක්රමය මගින් දඩ මුදල් ගෙවීමේ ක්රමයක් ළඟදීම හඳුන්වා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු මේ වනවිට දියුණු කරමින් පවතින අතර ඒ සමගම මෙම වැඩපිළිවෙල ද ක්රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව ජංගම දුරකථන සමාගම් සමග ගිවිසුම් ගත වීමෙන් පසුව රථවාහන රාජකාරියේ නිරත වන නිලධාරීන්ට රිසිට් පතක් නිකුත් කළ හැකි මට්ටමේ පහසුකමක් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.
තමන් කළ වරද ආදී තොරතුරු කිහිපයක් අදාළ දුරකථනයට ඇතුල් කිරීමෙන් පසුව එම රිසිට් පත නිකුත් කිරීමට හැකි වන අතර අදාළ ගෙවීම වරද කරන්නාගේ දුරකථන බිල් පතට ඇතුළත් කිරීමට සැළසුම් කර තිබේ.
සෑම මසකම සියලු දඩ මුදල් අදාළ දුරකථන සමාගම් විසින් පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියමිතයි.
කෙසේ වෙතත් තවමත් මෙය සාකච්ඡා මට්ටමින් පවතී.