පොලිසිය යළි හිරුණිකාගෙන් ප්‍රශ්න කරයි

null

දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවත් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒසේම සිද්ධියට අදාළ දුරකථන අංක කිහිපයක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

දෙමටගොඩ රෙදිපිළි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගනු ලබන්නේ පසුගිය සඳුඳායී.

මහ දවල් සිදුකළ මෙම පැහැර ගැනීම එම වෙළඳසැලේ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණි.

අනතුරුව පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොලොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර, එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහෙත් සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවමත් පොලිස් අත්අඩංගුවට ගෙන නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>