පොලිසිය සමග පැටළුණු කාන්තාව රිමාන්ඩ්

null

මාළඹේ ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට බැණ වැදී ඔවුන් සතු හිස් වැස්මක් ද රැගෙන පළාගිය කාන්තාව තලංගම පොලීසිය අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13 වැනිදා තලංගම පොලීසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිද්ධියට සම්බන්ධ කාන්තාව පැදවූ මෝටර් රථය නවත්වා ඇත්තේ ඇය, තම කුඩා දරුවා රියදුරු අසුනේ වාඩිකරවා ගෙන එක් අතකින් පමණක් සුක්කානම හසුරුවමින් රිය ධාවනය කිරීම හේතුවෙන්.

පොලිස් නිලධාරීන් ඇයගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කරන අතර, එය නැවත ඉල්ලා මෙම කාන්තාව පොලීසිය සමඟ කළහකාරී ලෙස හැසිරෙන අයුරු එම ස්ථානයේ සිටි පිරිසක් විසින් වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර තිබුණි. ඇය එම ස්ථානයෙන් පිටව යන්නේ පොලිස් නිලධාරීයෙකුගේ යතුරුපැදියේ රඳවා තිබූ ආරක්ෂිත හිස් වැස්මක්ද රැගෙනයි.

අදාල වීඩියෝ පටය අනතර්ජාලයේ හුවමාරු වීමත් සමග මෙම සිද්ධිය අනාවරණය වූ අතර ඇය අද අත්අඩංගුවට ගත් පොලීසිය රජයේ දේපළ සොරකම් කිරීම, රජයේ දේපළවලට අලාභ හානි සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අන්තරාදායක ලෙස රිය පැදවීම යන චෝදනා ඉදිරිපත් කර අධිකරණයට මේ පිළිබඳ කරුණු ගොනු කර ඇත. එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

මෙම කාන්තාව කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය පවසයි.

පෙර පළවූ පුවත පහතින් (වීඩියෝ සහිතයි)

ලයිසන් එක ගත්ත නිසා කාන්තාවක් පොලිස් නිලධාරියාගේ හෙල්මට් එක අරන් ගිය හැටි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>