පොලීසියට ගල් ගසා මරන්න හැදූ ඇමතිට විදෙස් ගමන් තහනම්

null

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අමාත්‍යවරයා පසුගියදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කර ඇත.

පසුගියදා තිස්සමහරාම ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳව ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සියලු දෙනා ගල් ගසා මරා දමන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන්ගේ ප්‍රකාශය විකෘති කර ප්‍රචාරය වී ඇති බවයි.

ඒ අනුව දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී.උපුල් කළ මෙම ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන ඉදිරිපත් කරන ලෙස පුවත්පත්වලට සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>