පොලීසියට ගල් ගසා මරන්න හැදු උපුල් අවුරුදු 7ක් හිරේ යයිද?

null

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවූ විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පීසී ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දමන බව පසුගියදා තිස්සමහරාමයේදී පැවති දේශපාලන රැස්වීමකදී ප්‍රබල මහින්ද හිතවාදියෙකු ලෙස සැලකෙන දකුණු පළාත් සභා ඇමති ඩී වී උපුල් ප්‍රකාශ කර තිබුණි.

මෙම බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම ප්‍රකාශයට දණ්ඩ නීති සංග්‍රහයේ 486 වැනි වගන්තිය යටතේ වසර 7ක සිර දඬුවමක් ලැබිය හැකි අතර ඊට අමතරව රාජ්‍ය සේවකයින්ට මරණිය තර්ජන සිදුකිරීම වැනි තව කරුණු අනුව ඔහුට උපරිම දඬුවමක් ලබාදිය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී දකුණු පළාත් ධීවර ඇමති ඞී.වී. උපුල් සඳහන් කර ඇත්තේ තමා පොලීසියට තර්ජනය නොකළ බවත්, තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති රැස්වීමේදී තමන් කළ කථාව විකෘති කර දක්වා ඇති බවත් ය. එමෙන්ම ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහාද මුහුණදීමට තමන් සූදානම් බවත්, තමා ප්‍රකාශ කළේ අරාබි රටක නම් මෙවැනි තත්ත්වයකදී ගල් ගසා මරා දමන බව යයිද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

පෙර පළවූ පුවත පහතින්…

මහින්ද අගමැති වුනාම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අය ගල් ගසා මරණවා

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>