පොලීසියට පහරදුන් පිරිසක් පොලිස් යතුරුපැදිවලින්ම පලායයි
කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසුණු පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
ඊයේ (29) පස්වරුවේ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් අසළ, සැකකටයුතු ලෙස පුද්ගලයින් පස්දෙනෙකු සිට තිබේ. පසුව එම ස්ථානය අසලින් යතුරු පැදි දෙකක සිවිල් ඇඳුමින් ගමන් ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඔවුන් පරීක්ෂා කිරීමට ගොස් ඇත. එම අවස්ථාව වනවිට අදාළ මෝටර් රථයේ අංක තහඩු වෙනස් කරමින් සිටි එක් සැකකරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්රශ්න කර තිබේ.
ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට යාමේදී අදාළ පුද්ගලයින් පස්දෙනා පොලිස් නිලධාරීන්ට පොලූවලින් පහරදී ඇති අතර පසුව මෝටර් රථයේ තිබූ ගිනි අවි කිහිපයක්ද රැගෙන සැකකරුවන් පොලිස් නිලධාරින් දෙදෙනා පැමිණි පුද්ගලික යතුරුපැදි දෙක රැගෙන පළාගොස් ඇත.
පහරදීමෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ පාදයකට තුවාලද සිදුවී තිබේ. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ඊයේ රාත්රිරයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.