පොලීසියෙන් අබාධිත අයෙක්ට පහරදුන් සිද්ධිය ගැන පරීක්ෂණයක්
කහටගස්දිගිලිය නගරයේදී ආබාධිත පුද්ගලයෙකුට කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරියෙකු පහර දෙන දර්ශන පෙළක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, එම ආබාධිත පුද්ගලයා ඊයේ යතුරු පැදියකින් පැමිණි අවස්ථාවේ පොලීසිය ඔහුට නතර කරන්නැයි දැනුම් දී ඇති බවත්, ඔහු අණ නොතකා ධාවනය කර ඇති බවත් ය.
එම පුද්ගලයා බීමතින් සිටි බැවින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසියට බැන වැදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.
කෙසේ වෙතත් එහිදී ඔහුට පොලිස් නිලධාරීන් පහර දුන් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය මත පරීක්ෂණය ක්‍රියාත්මක වන බවයි.
පෙර පළවූ පුවත පහතින්.