පොලීසියෙන් පහරකෑ ආබාධිත පුද්ගලයා කතාකරයි

null

කහටගස්දිගිලිය නගරයේදී ආබාධිත පුද්ගලයෙකුට පොලීසියේ නිලධාරියෙකු පහර දෙන දර්ශන පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමග එය බොහෝදෙනාගේ කතාබහට ලක්විය.

මේ පිළිබඳව පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් ඇත්තේ එම ආබාධිත පුද්ගලයා ඊයේ යතුරු පැදියකින් පැමිණි අවස්ථාවේ පොලීසිය ඔහුට නතර කරන්නැයි දැනුම් දී ඇති බවත්, ඔහු අණ නොතකා ධාවනය කර ඇති බවත් ය.

එම පුද්ගලයා බීමතින් සිටි බැවින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසියට බැන වැදී ඇති බවත් ය. එමෙන්ම මෙම තැනැත්තාට එරෙහිව පෙර වැරදි 09ක්ද තිබෙන බවත්ය.

කෙසේ වෙතත් එහිදී ඔහුට පොලිස් නිලධාරීන් පහර දුන් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ පහරකෑමට ලක්වූ බේත්කෑව, කහටගස්දිගිලිය ලිපිනයේ පදිංචි ජේ.කරුණාරත්න මහතා එම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබේ.

“මා එදින යතුරුපැදියෙන් කහටගස්දිගිලියට යමින් සිටියා. පොලිස් නිලධාරීන් යතුරුපැදිය නතර කරන ලෙසට සංඥා කළත් බොරු කකුලක් පැලඳ සිටීම නිසා තිරිංග පාගා ගැනීමට නොහැකිව මඳ දුරක් යතුරුපැදිය ධාවනය වුණා. පසුපස පන්නා ආ පොලීසියේ මහත්තුරු කොලරයෙන් අල්ලා මට පහරදුන්නා. එවිට මම පැවසුවා මමත් හමුදා නිල ඇඳුම් ඇඳපු, යුද්ධයේදී පාදයක් අහිමි වූ හිටපු අබාධිත සෙබළෙක් බව.නමුත් දෙනෝදාහක් බලා සිටියදී බිම පෙරළාගෙන මට පහරදුන්නා”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>